තිරුක්කෝවිල වෙඩි තැබීමෙන් මියගිය පොලිස් නිලධාරින්ට පොලිස්පති ගෙන් අවසන් ගෞරව

දෙසැ 26, 2021

    තිරුක්කෝවිල පොලිස් ස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පොලිස් නිලධාරින් සිව්දෙනාට, පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා, අද අවසන් ගෞරව දැක්වූවා.

    එහිදී පොලිස්පතිවරයා එම පවුල්වලට මුදල් පරිත්‍යාගයක් ද සිදුකළා. එමෙන්ම, පශ්චාත් උසස්වීම් ලබාදීමේ පදනම යටතේ දැනට දරණ නිලයේ සිට ඊලඟ නිළය දක්වා උසස්වීම් පිරිනමා තිබෙනවා. ඒ පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ නියෝගයකට අනුවයි.

    ඔවුන් පදිංචිව සිටි නිවෙස්වලට ගිය පොලිස්පතිවරයා, එම නිලධාරින්ගේ ඥාතින් වෙත ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ශෝකය පළ කළා. එම සිද්ධියෙන්, පොලිස් සැරයක් කේ එල් එම් අබ්දුල් කාදර්, පොලිස් කොස්තාපල්වරුන් වන ඒ නවීනාත් හා ටී බී කේ පී ගුණසේකර, පොලිස් කොස්තාපල් රියදුරු ඩී එම් ටී එච් පුෂ්පකුමාර යන මහත්වරුන් මිය ගියා.

    Latest News