ලබන 05 සිට අවම බස් ගාස්තුව රු.3කින් ඉහළට....(වීඩියෝ)

දෙසැ 29, 2021
  • ජනවාරි පස්වැනිදා සිට අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ දැමීමට අද (29) තීරණය කෙරුණා.

    ඒ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ බස් සංගම් අතර පැවති සාකච්ජාවකදී. තෙල් මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු සංශේධනය කරන ලෙස බස් සංගම් රජයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව, ජනවාරි පස් වැනිදා සිට බස් ගාස්තු 17%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. රුපියල් 14ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා රුපියල් 3කින් ඉහළ යනු ඇති.

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ බස් ගාස්තු සං‍ශෝධනය විරෝධයකින් තොරව ක්‍රියාත්මක කිරීමට සියලු බස් සංගම් කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් දිලුම් අමුණුගම මහතා මෙහිදී ස්තුතිය පළ කළා.....

    Latest News