බෙංගාල බොක්ක ප්‍රදේශයේ භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නැහැ...

දෙසැ 29, 2021

    ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ රික්ටර් පරිමාණ ඒකක 4.3ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, මෙම භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් හෝ බලපෑමක් සිදු නොවන බවයි. අද සවස 7.14ට භූ කම්පනය හටගෙන ඇත්තේ මඩකලපුවට ඊසාන දිග මුහුදේ කිලෝ මීටර් 300ක් පමණ දුරින්. එහි අපකේන්ද්‍රය කිලෝ මීටර 21ක් ගැඹුරින් පිහිටා ඇති බව, භූ කම්පන විද්‍යාව පිළිබඳ ඉන්දියානු මධ්‍යස්ථානය සඳහන් කරනවා.

    Latest News