අදත් විදුලිය විසන්ධි විය හැකියි

ජන 07, 2022

    දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වරින් වර අද (07) දිනයේ විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

    කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුමට ඊයේ (06) රාත්‍රියේ බාධා එල්ල විය.

    ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ, ඒ හේතුවෙන් අද දිනයේදී ද විවිධ ප්‍රදේශවල දෛනික විදුලි ඉල්ලුම ඉහළ මට්ටමක පවතින අවස්ථාවලදී විදුලිය විසන්ධි විය හැකි බවයි.

    Last modified on සිකුරාදා, 07 ජනවාරි 2022 10:12

    Latest News