අත්‍යවශ්‍ය භාණ්ඩ බහලුම් 1000ක් නිදහස් කිරීම අද සිට

ජන 07, 2022

    ඩොලර් හිඟය හේතුවෙන් වරායේ සිර වූ බහලුම් දහසකට වැඩි ප්‍රමාණයක් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් අද (7) සිට නිදහස් කිරීම ඇරැඹේ.

    අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත මේ බහලුම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා සමඟ සාකච්ඡාවකදී එකඟතාව පළ වී තිබේ. ඒ අනූව මෙසේ අද සිට මේ බහලුම් නිදහස් කිරීම සිදු වෙයි.

    ඒ අනුව වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කණ්ඩායමක් ආනයනකරුවන්ගේ භාණ්ඩ විස්තර ඇතුළත් වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුට ඊයේ (6) දිනයේ දී භාර දී තිබේ.

    Latest News