කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය යථා තත්වයට

ජන 08, 2022

    අක්‍රියව තිබූ කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අද අලුයම යථා තත්වයට පත් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරී එම්.ආර්.රණතුංග මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ හෙට වන විට එම යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු ආරම්භ කළ හැකි වනු ඇති බවයි.

    වසර 20ක් පමණ පැරණි කැලණිතිස්ස බලාගාරයේ ඇති ජී.ටී 7 නමැති ටර්බයින් යන්ත්‍රයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පසුගිය දින කිහිපයේ විදුලිය බිඳවැටීම් සිදුවිය. ඒ අනූව එහි නඩත්තු කටයුතු කඩිනම් කෙරුණු අතර එය අද අලුයම 4.00 වන විට අවසන් කර තිබේ.

    නොරොච්චෝලෝ ගල්අගුරු බලාගාරයේ නඩත්තු හේතුවෙන් මෙගාවොට් 300ක ධාරිතාවක් මේ නව විට සපුරා ගැණෙන්නේ කැලණිතිස්ස බලාගාරයෙන්. ජී.ටී.7 ටර්බයින් යන්ත්‍රය බිඳ වැටීමෙන් එම ධාරිතාව සපුරා ගැනීමට නොහැකි වීම ඇතැම් ප්‍රදේශවල විදුලිය බිඳවැටීමට හේතුව බවයි විදුලිබල මණ්ඩලය කියා සිටියේ.

    ඊට අමතරව ඊයේ පැවති සාකච්ජාවක දී ලංකා ඛණිජ තෙල් සංස්ථාව අවශ්‍ය ප්‍රමාණයට දැවි තෙල් ලබාදීම සඳහා එකඟත්වය පළ කර තිබේ.
    මේ අනූව ඊයේ සිටම අවශ්‍ය දැවි තෙල් කැලණිතිස්ස බලාගාරයට ලැබෙමින් පවතින බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම්.ආර්.රණතුංග මහතා කියා සිටියේ.

    හෙට වන විට සම්පූර්ණ විදුලි සැපයුම ලබාදීමට හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    Latest News