පින්නවල අලුත් නිවුන්නුන්ට නම් තැබේ....(වීඩියෝ)

ජන 11, 2022
  • පින්නවල අලි සංරක්ෂණාගාරයේ අලුත උපන් නිවුන් අලි පැටවුන්ට නම් තැබීමේ උත්සවයක් අද(11) පැවැත්වුණා.



    දිවංගත අමාත්‍ය පී.බී.ජී.කළුගල්ල මහතාගේ අදහසක් අනුව අලි පැටවුන් පස් දෙනකුගෙන් 1975 ආරම්භ වුන පින්නවල අලි සංරක්ෂණාගාරය මේ වනවිට අලි ඇතුන් 76 දෙනකු සිටිනවා. එමෙන්ම මෙහි දී මේ වනවිට අලි පැටවුන් 74 දෙනකු උපත ලබා තිබෙනවා.

    ඒ අතර ඉතිහාසයේ පළමු වතාවට පසුගිය වසරේ අගෝස්තු 31 දින අළුයම කාලයේ පැයක පරතරයක් ඇතිව පණ්ඩුල අලියාට දාව සුරංගි නැමති කෙනර විසින් පිරිමි නිවුන් පැටවුන් දෙදෙනකු බිහි කළා. පින්නවල ඉතිහාසයේ මෙන්ම ලංකා ඉතිහාසයේ ද හිලෑ අලි ඇතුන් අතරින් නිවුන් පැටවුන් දෙදෙනකු උපත ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.

    සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මියගේ ආරාධනයෙන් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ, උදයකාන්ත ගුනතිලක මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්තේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම හස්ති නාම මංගල්‍ය උත්සවය අද පැවැත් වුණා.

    නිවුන් පැටවුන් දෙදෙනා "දිසා" සහ "සජ්ජන" යන නමින් නම් කරනු ලැබුවා. එමෙන්ම මෙම පැටවුන් දෙදෙනා උපත ලබා මසකට පසුව උපන් කෙනර පැටවා "නීලමනී" යන නම් තැබුණා.

    Last modified on අඟහරුවාදා, 11 ජනවාරි 2022 20:01

    Latest News