හංගේරියානු විදේශ අමාත්‍යවරයා දිවයිනට

ජන 12, 2022

    හංගේරියානු විදේශ අමාත්‍ය පිටර් සියර්තෝ මහතා ඇතුළු දූත පිරිසක් අද අලුයම නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය. ඒ හං‍ගේරියාවට අයත් විශේෂ ගුවන් යානයකින්.

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින්.

    හංගේරියානු විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සංචාරය නිම කර අද දිනයේම පස්වරු 04.30 ආපසු පිටත්ව යාමට නියමිතයි.

    Latest News