දුරුතු පුර පසළොස්වක පෝය අද

ජන 17, 2022

    දුරුතු පුර පසළොස්වක පෝය අද (17) යෙදී තිබේ.

    බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පෝය දිනක සිදුව තිබේ. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනකය. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

    එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම දුරුතු පෝය දිනක සිදුව ඇත. බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනකය.

    දුරුතු පුර පසළොස්වක පෝය නව වසරේ ප්‍රථම පොහොය වන අතර, ඒ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.

    Latest News