අග්‍රාමාත්‍යතුමා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගනී

ජන 22, 2022

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (22) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.  

    අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරි නිවාස නායක ස්වාමීන්වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය. කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකර ජය ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවට මං මාවත් පිළිසකර කරමින් ගල් අතුරා අලංකාර කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරි නිවාස නායක ස්වාමීන්වහන්සේ මෙහි දී සිහිපත් කළහ.  

    PMAnu02 900px 22 02 20

    අනතුරුව රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය. හේමරතන නායක ස්වාමීන්වහන්සේ මෙහි දී සිය දොළොස් වසරක ගී අස්වැන්න ඇතුළත් “සඳ මඬල වී” ගීත ග්‍රන්ථය අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්නූහ. අග්‍රාමාත්‍යතුමා රුවන්වැලි මහ සෑය වැඳපුදා ගත්තේ ඉන් අනතුරුවය.  අග්‍රාමාත්‍යතුමා පසුව සඳහිරු සෑය වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරත විය.  

    PMAnu03 900px 22 02 20

    අග්‍රාමාත්‍යතුමා ඉන් අනතුරුව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.  මෙම ආගමික වතාවත්වලට අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන,උතුරු මැද පළාත් හිටපු අමාත්‍ය එච්.බී සේමසිංහ, අග්‍රාමාත්‍ය බෞද්ධ කටයුතු සම්බන්ධීකරණ ලේකම් ඒ. එම් රත්නායක මහත්වරු ද එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 22 ජනවාරි 2022 19:45

    Latest News