කහ අස්වැන්න ගොවීන්ගෙන් මිලදී ගැනීම ඇරඹේ...

ජන 22, 2022

    කහ කිලෝ 20,000 ක් ගොවීන්ගෙන් මිලදී ගැනීම අද ආරම්භ කෙරුණා.

    ඒ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්. පිටදෙණිය කිතුල්වල-විද්‍යාකර පිරිවෙන් විහාරස්ථාන පරිශ්‍රයේදීයි, එය සිදු කෙරුණේ. දිවුලපිටිය ප්‍රදේශයේ කහ වගාකල ගොවීන්ගේ අස්වනු ක්‍රමවත් පරිදි මිලදී ගැනීම මෙහි අරමුණයි. ඒ අනුව, රජයේ සහතික මිලට කහ කිලෝවක් මිලදී ගැනීම සිදු කෙරුණා. ඉන්දික අනුරුද්ධ සහ ජානක වක්කුඹුර යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් මෙ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News