කොවිඩ් ආසාදිත රෝගීන්ගේ නිරෝධායන කාලය අඩු කෙරේ....

ජන 27, 2022

    කොවිඩ් ආසාදිත රෝගීන් සහ ආසාදිතයින් සමග සමීප සම්බන්ධතා පවත්වුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

    ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින්. එහිදී රෝහල්ගත කොට සිටින කොවිඩ් ආසාදිත රෝගියෙකු නම් ඔහුට පැවති රෝගී ලක්ෂණ වලින් සුව අතට හැරී ඇත්නම්, ප්‍රතිජිවක ඖෂධ නොමැතිව පැය 48ක කාලයක් තුලදී උණ රෝගයෙන් නොපෙලෙන්නේ නම් දින 07කට පසුව රෝහලෙන් නිදහස් කිරිමට හැකිය.

    එමෙන්ම නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයෙකු නම් එම රෝගියාට රෝග ලක්ෂණ සුව අතට හැරී ඇත්නනම් ප්‍රතිජිවක ඖෂධ නොමැතිව පැය 48ක කාලයක් තුලදී උණ රෝගයෙන් නොපෙලෙන්නේ නම් දින 07කට පසුව නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේදයෙන් මිදීමට හැකිය. යම් ආසාදිතයෙකුට රෝග ලක්ෂණ නොමැතිව පැය 48ක කාලයක් උණ රෝගය ඇත්නම් ඒ සම්බන්ධයෙන් තමන්ට ආසන්නයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දැනුම් දිය යුතුය.

    මේ අතර කොවිඩ් ආසාදිතයෙකු ගේ සමීප ආශ්‍රිතයෙක් ලෙස හඳුනා ගනු ලැබූ පුර්ණ ලෙස කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන සිටින අයෙකු නම්, ඔවුන්ට රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් නිරෝධායනය වීමකින් තොරව සිය සාමාන්‍ය කටයුතු කරගෙන යා හැකිවේ. නමුත් සමීප ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගනු ලබන පුද්ගලයෙකුට යම් අයුරකින් රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ඔවුන් වහාම කොවිඩ් පරීක්ෂණයකට යොමු විය යුතුය.

    කොවිඩ් එක් එන්තක් ලබාගෙන සිටින හෝ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ගේ සමීප ආශ්‍රිතයෙක් ලෙස හඳුනා ගැන ලැබුවොත් එම පුද්ගලයා දින 07ක නිරෝධායනයට ලක්වීමෙන් පසු සිදුකරනු ලබන රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණයක ප්‍රථිපල මත නිරෝධායනයෙන් නිදහස් කළ හැක.

    සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූ අයෙකු ලෙස සැලකීමට නම්,

    අවුරුදු 20 ට වැඩි නම්; එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දෙවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගත වී තිබිය යුතුයි .

    දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනකට වඩා වැඩි නම් බූස්ටර් මාත්‍රාව ලබා තිබිය යුතුයි. 

    වයස අවුරුදු 16-19 අතර නම්; එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දෙවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගත වී තිබිය යුතුයි. 

    වයස අවුරුදු 12 ත් 15 ත් අතර නම්; එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන සති දෙකක් ගත වී තිබිය යුතුයි.

    Last modified on සිකුරාදා, 28 ජනවාරි 2022 11:37

    Latest News