කඩවත-කඩුවෙල අධිවේගී මාර්ගයේ අනතුරින් 2ක් මරුට....

ජන 29, 2022

    අද (29) අළුයම කඩවත-කඩුවෙල අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 16 කණුව අසලදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

    ආපදාවට ලක්වූ ලොරි රථයක් සහ අධිවේගී මාර්ගයේ ධාවනය කළ ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරින් දෙදෙනෙකු මියගොස් තිබෙන අතර, නවතා තිබූ ලොරි රථයේ රියදුරු සහ රිය සහායක අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

    අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා විට වාහනයක යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් රථය මාර්ගය අසල නවතා 1969 අධිවේගී ආපදා අංශය දැනුවත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා රියදුරන්ට දැනුම් දෙනවා.

    Latest News