වාද්දුව, තල්පිටිය බෝධි රාජමහා විහාරයේ බෝධිඝරය ජනපති විවෘත කරයි....

ජන 29, 2022

    වාද්දුව, තල්පිටිය බෝධි රාජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුණු බෝධිඝරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණි.

    තල්පිටිය බෝධි රාජමහා විහාරයට ඊයේ (28) පස්වරුවේ පැමිණි ජනාධිපතිතුමා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර සහ අනුනායක අතිපූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව විහාරස්ථානයේ නව නාමපුවරුව සහ අභිනවයෙන් ඉදිකෙරුණු බෝධිඝරය ජනාධිපතිතුමා අතින් විවෘත කරනු ලැබිණ. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල, සංජීව එදිරිමාන්න, අනූප පැස්කුවල්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු සහ විහාරස්ථ දායක සභාව ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 29 ජනවාරි 2022 10:56

    Latest News