සචිත් සිතුමිණට අගමැති ආර්යාව පිහිටවේ

ජන 30, 2022

    අස්ථි දිරායාමේ දරුණු පිළිකා රෝගයකින් පෙළෙන තඹුත්තේගම ඩී.එන්. සචිත් සිතුමිණ දරුවාගේ රෝගය සුවපත් කරගැනීම සඳහා උපකාර කිරීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ මැතිණිය ඉදිරිපත්ව සිටිනවා.

    සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වූ 17 හැවිරිදි මෙම දරුවා මකුලෑව ජාතික පාසලේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටිනවා. පියා හැරයාමෙන් පසුවම හා නැගණිය සමඟ එම රෝගී තත්වයට ඉතා දුෂ්කරව මුහුණ දෙන ඔහුගේ දණහිස කොටසේ අස්ථියක් ඉවත්කර තිබෙනවා. වෛද්‍ය මතය වී ඇත්තේ, රුපියල් ලක්‍ෂ 34කට වැඩි මුදලක් වැය කරමින් කෘතිම අස්ථියක් අලුතින් සවි කළ යුතු බවයි.

    අස්ථි දිරායාම වැලැක්වීම සඳහා එතෙක් මාසිකව ගතයුතු එන්නතේ වටිනාකම රුපියල් එක් ලක්‍ෂ පනස් දහසක්. එම එන්නතේ පළමු මාත්‍රාව ප්‍රභූ ආරක්‍ෂක ප්‍රධානියෙකු මගින් සචිත් සිතුමිණ සිසුවාගේ නිවසටම ගෙන ගොස් ඔහු අතට පත් කළ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ මැතිණිය, එහි දෙවැනි මාත්‍රාව අද අරලියගහ මන්දිරයේදී සිසුවාගේ මව වන ආර්.එම්. චාන්දනී ලක්මිනි මහත්මියට පිරිනැමුවා.



    Latest News