ඊශ්‍රායලයෙන් මෙරටට වෛද්‍ය උපකරණ තොගයක්

පෙබ 07, 2022

    ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව සඳහා වන ඊශ්‍රායල නියෝජිතායනය හරහා (MASHAV) ඊශ්‍රායල රජය විසින් වෙන්ටිලේටර යන්ත්‍ර, පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPEs) සහ ස්පන්දන ඔක්සිමීටර ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කෙරිණ.

    ඊශ්‍රායල රජයේ මෙම පරිත්‍යාගය, කොළඹ විදේශ අමාත්‍යාංශ කාර්යාලයේ පැවති උත්සවයකදී භාර දෙනු ලැබිණ.

    ඊශ්‍රායල තානාපති නඕර් ගිලොන් විසින් විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ වෙත මෙම උපකරණ තොගය පරිත්‍යාග කෙරිණි. ඊශ්‍රායලයේ නිර්වේතනික කොන්සල් විකී වික්‍රමතුංග ද මෙම අවස්ථාවට සහභාගි විය.

    ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර මිත්‍රත්වය සහ සහයෝගිතාවය පිළිබඳ සමීප සබඳතා පවතී. කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වූ දා පටන් ඊශ්‍රායලය ශ්‍රී ලංකාව වෙත කොවිඩ්-19 වසංගතයට අදාළව වටිනා ආධාර ප්‍රදානය කොට තිබේ.

    Latest News