නව සහකාර ලේකම්වරුන් 75 කට පත්වීම්...

පෙබ 08, 2022

    වෘත්තිය සමිතිවලට සම්බන්ධවී ඉල්ලීම් දිනා ගන්නා සේම, ජනතා වගකීම් හැකි උපරිමයෙන් ඉටුකිරීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීමක් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

    රාජ්‍ය පරිපාලන සේවයේ නව සහකාර ලේකම්වරුන් පිරිසකට පත්වීම් ලිපි පිරිනැමීමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කළා. 75 දෙනෙකුට මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. නවක නිලධාරින් දිවයිනේ විවිධ පරිපාලන ආයතනයන්හි සේවයට අනුයුක්ත කිරීමට නියමිතයි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on අඟහරුවාදා, 08 පෙබරවාරි 2022 19:54

    Latest News