අවුරුදු 30-35 ක් වන සද්ධන්ත පිරිමි වන අලියකු බව වනජීවි නිළධාරීන් පවසනවා. කැලේගමට නිරන්තරයෙන් වන අලින් ගම්වදින බැවින්. නිවසේ හිමිකරු වත්තේ මායිම වටා අනාරක්ෂිත විදුලි රැහැනක් ඇද තිබෙනවා. එයට ගොදුරු වූ වන අලියාගේ සිරුරේ වෙඩි ප්රහාරවල කැලැල් විශාල ප්රමාණයක් දැක ගත හැකි වූ අතර, වලිගයේ කෙඳි මිනිසුන් ගලවාගෙන ගොස් තිබෙනවා. නිවසේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්රියාත්මකයි.