ධීවර යාත්‍රා, තෙප්පම් පා කරමින් ධීවරයන් විරෝධතාවයක...

පෙබ 13, 2022

    තම වෘත්තීමය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීම, විරෝධතා දැක්වීම, වැඩවර්ජනය කිරීම, කම්කරු අයිතිවාසිකමක්.

    එහෙත්, ඉන් ජනතාවට පීඩාවක් සිදුවේ නම්, එය කිසිසේත් අනුමත කළ නොහැකියි. ජනතාවට පීඩාවන අරගල සිදුවන කාලයක තම අයිතිවාසිකම් වෙනුවෙන් කිසිවෙකුට පීඩාවක් නොවන විරෝධතාවක් පිළිබඳ මාරවිල ප්‍රදේශයෙන් අපට වාර්තා වනවා.

    මාරවිල උතුරු මුහුදුකටුව ධීවර ජනතාව අද (13) උදේ වෙරළ තීරයට පැමිණියේ සිය ගැටලු පිළිබඳව බලධාරින්ගේ අවධානය යොමු කිරීමටයි. ඔවුන්ට වසර ගණනාවක් තිස්සේ ධීවර කටයුුතු කරගෙන යාමට නිසි තොටුපොළක් නැහැ. ප්‍රදේශයේ ධීවරයින් දැනට භාවිත කරන තොටුපොළ ඉදිරිපිට අවිධිමත් ලෙස ඉදිකර ඇති ගල්වැටිය නිසා ධීවර කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    ධීවර යාත්‍රා සහ තෙප්පම් තොටුපොළ ආසන්නයේ ඇති දේවස්ථානය ඉදිරිපිට ගාල්කිරීමට සිදුවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත් වන බවද ඔවුන් පවසනවා. ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඉරුදින දේව මෙහෙය පැවැත්වීමට පෙරයි ධීවර ජනතාව උද්ඝෝෂණයේ නිරත වූයේ. ධීවර යාත්‍රා සහ තෙප්පම් මුහුදේ පා කරමින් එහිදී ඔවුන් තම විරෝධතාව දැක්වූවා.

    Latest News