ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට...

පෙබ 13, 2022

    මෙරට මුහුදු සීමාව උල්ලංගනය කරමින් අනවසර ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

    ඒ, ඊයේ (12) රාත්‍රී තලෙයිමන්නාරමට උතුරෙන්වූ ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුකෙරුනු මෙහෙයුමකදී.  එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 12 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගැනුණා. උතුරු මැද නාවික විධානය විසින් 04 වන වේග ප්‍රහාරක යාත්‍රා බලගනයේ යාත්‍රාවක් උපයෝගී කරගෙන මෙහෙයුම් සිදුකරනු ලැබුවා.

    අදාල බෝට්ටු 02 නීති විරොධී බොටම් ට්‍රෝලින් ක්‍රමයට ධීවර කටයුතු සිදුකරමින් සිට තිබෙනවා. ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සහ ධීවරයින් නීතිමය කටයුුතු සඳහා අදාල අංශ වෙත යොමුකිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

    පසුගිය පෙබරවාරි 07 වැනි දින යාපනයේ ඩෙල්ෆ් දූපත ආසන්නයේ අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් සහ ධීවරයින් 11 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගැනුණා. ශ්‍රී ලංකා මුහුදු තීරයේ සුරක්ෂිතභාවය සහ මත්ස්‍ය සම්පත රැකගනිමින් දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකගැනීම සඳහා නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් සිදුකරනු ලබයි.

    Last modified on ඉරිදා, 13 පෙබරවාරි 2022 16:10

    Latest News