කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව තවදුරටත් පහළට

පෙබ 15, 2022

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වයත් සමග ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ මවුස්සාකැලේ ජලවල ජලධාරිතාව තවදුරටත් පහළ බැස ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසයි.

    කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස මට්ටම අඩි 155 වන අතර එහි ජල මට්ටම අඩි 118 දක්වා පහළ බැස ඇති බවත්, මවුස්සාකැලේ ජලාශ වේල්ලේ උස මට්ටම අඩි 120 වන අතර එහි ජල මට්ටම අඩි 75 දක්වා (15) දින අලුයම 6.00 වන විට පහළ බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.

    දැනට ජලාශයන් දෙකෙහිම දැනට ඉතිරිව තිබෙන ජල ධාරිතාව පානිය ජලය සදහාද රඳවා ගනිමින් ජල විදුලි උත්පාදනය සදහා භාවිතා කරන බවත්, එම ජලාශ දෙකෙන්ම ලබා ගන්නා ජලයෙන් විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සිදු කරන බවයි විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේ.

    Latest News