සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් මෙම ගිලන් රථ සහ කැබ් රථ සඳහා වන යතුරු හා ලිපි ගොනු භාරදීම සිදු වූ අතර අනතුරුව අදාළ වාහන ඒ ඒ රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත ලබා දෙනු ලැබීය.
ආසියානු සංවර්ධන බැංකුවේ (Asian Devolopment Bank) සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ (Health System Enhancement Project) මුල්‍ය දායකත්වය යටතේ මෙම කැබ් රථ ලබාදීම සිදු විය. මෙම එක් කැබ් රථයක මිල රුපියල් ලක්ෂ 110 ක් පමණ වේ.
මුදල් අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් නවීන ගිලන් රථ 25 ක්ද අද සිට මෙරට සෞඛ්‍ය සේවාවට එක් කරනු ලබන අතර, එහි එක් ගිලන් රථයක මිල රුපියල් ලක්ෂ 150 ක් පමණ වේ. මෙම ගිලන් රථ දුෂ්කර ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ පළාත්වල රෝහල් සදහා ලබාදෙනු ලැබීය.
රටෙහි සෞඛ්‍ය පද්ධතිය ජනතාවට අතිශය වැදගත් වන බවත්, වත්මන් රජය එය ප්රමුඛ අවධානයට ගනිමින් කටයුතු කරනු ලබන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.
විශේෂයෙන්ම කොවිඩ් පාලන ක්‍රියාවලියේ දී මෙරට සෞඛ්‍ය සේවාව විධිමත් අයුරින් පවත්වාගෙන යාම සදහා කුමන අපහසුතා මධ්‍යයේ වුව ද රජය හැකි උපරිමයෙන් කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉදිරියේ දී තවදුරටත් රටෙහි සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ඉහළම අයුරින් ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය .
මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ඇතුලු කණ්ඩායමක්ද එක්ව සිටියහ.