රටවල් අතර ස්ව ශක්තියෙන් නැගී සිටි චීනය නිසා, ආසියාවම වෙනසකට ලක්වෙලා - අගමැති

පෙබ 17, 2022

    "රටවල් අතර තිබෙන මිත්‍රත්වයෙන් සහ ස්ව ශක්තියෙන් නැගී සිටි චීනය නිසා අද සමස්ත ආසියාවම වෙනසකට ලක්වෙලා තිබෙනවා", යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.  

    චීන - ශ්‍රී ලංකා තානාපති සබඳතා සඳහා වසර 65ක් පිරීම සහ රබර් - සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් නෙළුම් පොකුණ රඟහලේ දී අද (17) පස්වරුවේ පැවැති සමරු උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව පෙන්වා දුන්නේය.  

    වසර 65 සපිරෙන චීන - ශ්‍රී ලංකා තානාපති සබඳතා වෙනුවෙන් නිකුත් කළ සමරු සාර සංග්‍රහය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැඩ බලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු ඇතුළු පක්ෂ නායකයන්ට පිළිගන්වන ලදි.

    මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්, ජනතා නියෝජිතයින් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

    PM02 900px 22 02 17.

    PM03 900px 22 02 17

    Latest News