රත්මලානේ දී තියුණු ආයුධයකින් පහර දී අයෙකු මරුට

පෙබ 21, 2022

    ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව එක් අයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.



    ඊයේ(20) රාත්‍රියේ දී මෙම සිද්ධිය සිදුව ඇති අතර තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇත.

    මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ කල්දෙමුල්ල, මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

    මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතය.

    ඝාතනය සිදුකළ සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

    සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශනන සිදු කරනු ලබයි.

    Latest News