සහනදායි මිලට වතු කම්කරුකරුවන්ට තිරිඟු පිටි

පෙබ 21, 2022

    බගවන්තලාව වතු යායේ වතු කම්කරු පවුල් වෙත තිරිගු පිටි ලබාදිම එම වතු යායේ පාලන අධිකාරිය විසින් (21) දින සිදු කරනු ලැබීය.

    රජය මගින්, දිවයින පුරා වතු කම්කරු පවුල් එක් ලක්ෂ පහළොස් දහසක් අටසිය හැට හත් දෙනෙකුට විශේෂ සහනාධාර මිලකට තිරිගු පිටි කිලෝවක් රුපියල් 80 බැගින් මසකට තිරිගු පිටි කිලෝ 15 ක් ලබාදිමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි.

    මුදල් අමාත්‍යාංශය , වතු නිවාස සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය,වෙළෙඳ අමාත්‍යාංශය, සමුපකාර සේවා සහ අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික සේවා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය එක්ව වැඩපිලිවෙල දියත් කෙරේ.

    මෙරට ප්‍රධාන තිරිගු පිටි සමාගමක් විසින් කිලෝ 15 ක් බැගින් ඇසුරුම් කරන ලද තිරිගු පිටි තොග ප්‍රදේශයේ පිහිටි සමුපකාර සමිති හරහා වතු සමාගම්වලට අවශ්‍ය තිරිගු පිටි එම වතු යායටම ප්‍රවාහනය කර බෙදා හැර ඇත.

    තේ වතු සමාගම් විසින් වතු කම්කරුවන්ගේ වැටුපෙන් මාසිකව තිරිගු පිටි කිලෝවක් සදහා රු 80 බැගින් අය කර එම මුදල වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙත යොමු කිරිමෙන් පසු එම අමාත්‍යාංශය සහ තිරිගු පිටි සමාගම් අතර අත්සන් කර ඇති ගිවිසුමක් අනුව එම වතු යායට මාසිකව අවශ්‍ය තිරිගු පිටි ප්‍රමාණය තිරිගු පිටි සමාගම විසින් සමුපකාර සමිති හරහා බෙදා හරිනු ලබයි.

    වතු කම්කරුවන් කියා සිටින්නේ වෙළදපොලේ රුපියල් 145 අලෙවි වන තිරිගු පිටි කිලෝවක් රුපියල් 80 වැනි සහනාදාර මිලකට ලබාදිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා , අගමැතිවරයා ,රජය සහ රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාට සිය ස්තුතිය පුද කරන බවයි.

    ඉදිරියේදි වතු කම්කරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකම මිල සහනදාර යටතේ බෙදා හැරිම කෙරෙහි රජයේ අවධානය යොමු වි ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (20) දින වතු කම්කරු පවුල් වෙත තිරිගු පිටි බෙදා දිමේ නිල උත්සවයට සහභාගි වෙමින් කියා සිටියයේ.

    3

    2

    1

    Last modified on සදුදා, 21 පෙබරවාරි 2022 11:05

    Latest News