"සුදු, අළු සහ කළු" මිනිසුන්ගේ කථාව ලෙස නම් කර ඇති "තුන්පනේ" නාට්‍යයේ ප්‍රධාන භූමිකාවක් වන්නේ, විකුම්සිරි චරිතයයි. දේශපාලඥයෙකුට සහය දක්වමින් නගර සභාවේ කුණු ට්‍රැක්ටරයක රාජකාරියකට එන විකුම්සිරි දේශපාලඥයෙකු බවට පත්වන අපූරු කථාන්දරයක් මෙම ටෙලිනාට්‍යයේ අන්තර්ගතයි.
ශාම් ප්‍රනාන්දු, සම්පත් ජයවීර, ඩබ්. ජයසිරි, සමනලී ෆොන්සේකා, මධුර බාලසූරිය, සමාධි ලක්සිරි, රන්දික ගුණතිලක, දයාදේව එදිරිසිංහ සහ දීපානි සිල්වා ඇතුළු ප්‍රවීන හා නව පරපුරේ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායකවනවා.