ජයබහාලු පර්යන්ත, පළමු නෞකා සේවාව අරඹයි...(වීඩියෝ)

මාර් 13, 2022
  • කොවිඩ්-19 වසංගතය පාලනයෙන් පසු කොළඹ වරායේ ජයබහාලු පර්යන්ත පළමු නෞකා සේවාව ලෙස ඒච්.ආර්.ලයින් නැව් සේවාව සිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

    එම සමාගමට අයත් එච්.ආර්. හරේරා බහාලු ප්‍රවාහන නෞකාව ජයබහාලු පර්යන්තයට පසුගියදා පැමිණියා. බංගලාදේශ ධජය යටතේ යාත්‍රා කෙරෙන එච්.ආර්.හරේරා නෞකාවෙහි බහාලු 1550ක් රැගෙන යා හැකියි. කොළඹ-චිතගොන් අතර පෝෂක නෞකා සේවාවක් ලෙස එච්.ආර්.ලයින් සේවාව ආරම්භ කර ඇති අතර ඊට නෞකා දෙකක සේවාව ලබා ගැනෙනවා. එළැඹෙන උත්සව සමයේ සිට තවත් අතිරේක නෞකා දෙකක් ඊට එක් කිරීමටයි නෞකා සමාගම සැලසුම් කර තිබෙන්නේ.

    එච්.ආර්.හරේරා නෞකාව පිළිගැනීමේ විශේෂ උත්සවයක් ජයබහාලු පර්යන්තයේදී සංවිධාන කර තිබුණා. ඒ, ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් තාරෙක් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්න ජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

    Latest News