දේශීයව නිෂ්පාදිත සේලයින් වෙළඳපොලට...

මාර් 15, 2022

    දේශීයව නිෂ්පාදිත සේලයින් අද (15) වෙළඳපොලට නිකුත් කෙරුණා.

    ඒ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාග් ප්‍රධානත්වයෙන්. මෙරට වාර්ෂික සේලයින් අවශ්‍යතාවය බෝතල් කෝටි 2.5 කට අධිකයි. කෙලුන් ලයිෆ්සයන්ස් සමාගම මෙම සේලයින් නිෂ්පාදනය කරනවා. අලෙවි කිරිමේ පූර්ණ හිමිකම පැවරී ඇත්තේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවටයි.

    මෙරටට ආනයනය කරන තවත් ඖෂධ රැසක් දේශීයව නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි, රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 20% ක් දේශීයව නිෂ්පාදනය කෙරෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, එය 50% ත් 60& අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමයි, රජයේ අපේක්ෂාව.

    Latest News