“යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය" විවෘත කිරීම අගමැතිතුමා අතින්....

මාර් 21, 2022

    සංහිඳියා සිංදුවලට බිලියන ගණනින් වියදම් කළ යහපාලන ආණ්ඩුව එක විදුලි බලාගාරයක් හැදුවේ නෑහැ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියා.

    ඒ යාපනය මඩ්ඩුවිල්හි ඉදිකළ "යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය" විවෘත කිරීමේ උත්සව අවස්ථාවට අද (20) පෙරවරුවේ එක්වෙමින්. ගොවි ජනතාවට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට හා පාරිභෝගික ජනතාවට සහන මිලට එළවළු, පළතුරු මිල දී ගැනීමට පහසුකම් සැලසීම සඳහා මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදි කෙරුණා. රජය රුපියල් මිලියන 200ක් වැයකර ඉදිකළ මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සඳහා බදුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් හා යාපනය වෙළඳ පළෙන් අත්‍යවශ්‍ය එළවළු හා පළතුරු ලබා දීමට නියමිතයි. වෙළෙඳ කුටි විස්සකින් සමන්විත මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව එහි වෙළෙඳ ප්‍රජාව සමඟ සුහද කතාබහක නිරත වීමට ද අගමැතිතුමා එක්වුණා.
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පළාත් ප්‍රධාන ලේකම් සමන් දර්ශන පාඩිකෝරාළ, යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේසන්, චාවකච්චේරිය ප්‍රාදේශීය ලේකම් එන්. ඌෂා යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියා.

    Latest News