බස්නාහිර පළාතේ, අවසන් වාර විභාග නියමිත පරිදි...

මාර් 21, 2022

    බස්නාහිර පළාතේ පසුගිය වර්ෂයට අදාළ 9,10,11 ශ්‍රේණි අවසන් වාර විභාග නියමිත පරිදි පැවැත්වෙන බව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව 9, 10 ශ්‍රේණි සඳහා පළාත් මට්ටමින් සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර කලාප මට්ටමින් මුද්‍රණය කෙරෙනවා. 11 ශ්‍රේණි ප්‍රශ්න පත්‍ර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය කොට, නියමිත ආකාරයෙන් විභාගය පැවැත්වීමට නියමිතයි. බස්නාහිර පළාතේ ද්විතීය පාසල් 904ක් හා 6, 11 ශ්‍රේණිවල පාසල් සිසුන් ආසන්න වශයෙන් ලක්‍ෂ 5ක් පමණ වාර විභාග සඳහා පෙනී සිටියා. මෙය, ජාතික මට්ටමේ විභාගයක් හා සමගාමීව සංවිධානාත්මක හා රහස්‍යභාවය සුරැකෙන පරිදි පැවැත්වෙන බව, එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Last modified on සදුදා, 21 මාර්තු 2022 18:48

    Latest News