බැංකු ATM එකෙන් කන්න ගොස් පොටවරදී

මාර් 04, 2019

    බැංකු කාඩ්පත් උපයෝගී කරගෙන දිවයින පුරා බැංකු සහ සුපිරි වෙළඳසැල් වලින් මුදල් හා භාණ්ඩ මිලදී ගැනිමේ වංචාවක නිරතවු තිදෙනෙකු මාර්තු එකොළොස් තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හලාවත කොරයාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

    මොවුන් තිදෙනා දෙස් විදෙස් පුද්ගලයන්ට අයත් බැංකු කාඩ්පත් උපයෝගී කරගෙන මුදල් ලබාගන්නා බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරක් ලැබි ඇත. එ අනුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න ඇතුළු කණ්ඩායමක් දඹුල්ල නගරයේ සෝදිසි මෙහෙයුමක් දියත්කර මොවුන් තිදෙනා, බැංකු කාඩ්පත් දාහතක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    2017 වසරේ මෙ අයුරින් විදේශීය ජාතිකයෙකුගේ සහයෝගය ඇතිව බැංකු කාඩ්පත් රහස්‍ය අංක ව්‍යාජ ලෙස සකසා විශාල මුදල් වංචා කළ බවට මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩු ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

    මේ අන්දමින් මුදල් වංචා කිරීම් සිද්ධි සම්බන්ධයෙන් මහනුවර, මාතර, ගාල්ල, මතුගම, දඹුල්ල, කුලියාපිටිය, මෝදර යන අධිකරණයන්හි දී නඩු රැසක් විභාග වෙමිති. පෙබරවාරි 26 වනදා පෙරවරුවේ ද ගලේවෙල පොලිසිය පැවරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට පැමිණ දඹුල්ල නගරයේ පෞද්ගලික ආයතන කිහිපයකින් බැංකු කාඩ්පත් ලබාදී භාණ්ඩ මිලදි ගෙන ඇතැයි පොලීසිය පවසයි. එම පුද්ගලයන් සතුව තිබු බැංකු කාඩ්පත් වල අයිතිකරුවන් මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වි ඇත. ඇතැම් බැංකු කාඩ්පත් විදේශීකයින් නම් වලට පවතින බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

    Last modified on සදුදා, 04 මාර්තු 2019 12:53

    Latest News