ජාතික ජනබලවේගයේ රැලිය...

මාර් 23, 2022

    ජාතික ජනබලවේගය පවතින අර්බුදවලට විසඳුම් ඉල්ලමින් නුගේගොඩදී අද රැලියක් සංවිධාන කළා.

    ඊට පක්ෂයේ නායකයින් ඇතුළු පාක්ෂිකයින් රැසක් එක්ව සිටියා. පස්වරු 03.00 ට පමණ දෙල්කඳ ප්‍රදේශයේදී ආරම්භ කෙරුණු පෙළපාලියකින් ඔවුන් හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ මංසන්ධියට පැමිණ, ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨය වෙත ලඟා වුණා. මෙම රැලිය හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ, දෙල්කඳ මංසන්ධිය අවට සියලු මාර්ග අවහිරවී තිබුණා. පාගමනින් පැමිණි පිරිස ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවට රැස්වීමෙන් අනතුරුව රැලිය ආරම්භ කෙරුණා.

    Last modified on බදාදා, 23 මාර්තු 2022 20:01

    Latest News