මෙහෙයුම, අද (28) උදේ යළි ආරම්භ කෙරුණා. ඒ, මොරගොඩ වනජිවි කාර්යාලය විසින්. ධීවරයින් පිරිසක් අද අලුයම හුරුළු වැවෙහි මසුල් ඇල්ලීමේ යෙදී සිටියා. එහිදී වන අලියා, ජලයේ ගිලී සිටින ආකාරය දැක තිබෙනවා.
ඒ අනුවයි, ඔවුන් මේ පිළිබඳව ගලෙන්බිඳුණුවැව පොලිසියට සහ මොරගොඩ වනජීවි කාර්යාලය දැනුවත් කර ඇත්තේ. අනතුරුව මෙහෙයුම ආරම්භ කෙරුණා. පැය 3කට අධික කාලයක් වන අලියා ජලයේ රැඳී සිට තිබෙනවා. විශාල මෙහෙයුමකින් අනතුරුව වන අලියා ජලයෙන් ගොඩට පැමිණි අතර, හුරුළු මීගපට්ටිය ගම්මානයට පළා ගොස් තිබෙනවා. ඒ, අසළ නවතා තිබූ යතුරු පැදියකට ද අලාභහානි සිදු කරමින්.