අද සිට පැය 13ක විදුලි කප්පාදුවක්

මාර් 31, 2022

    අද පැය 13 ක කාලයක් දිවයිනටම බලපාන පරිදි විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කරනවා.

    ඒ අනුව පැය දහතුනේ විදුලි කප්පාදුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටම ආරම්භ වුණා.

    ඒ අනුව G H I J K L T U V i හා W කලාපවලට ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට අද අලු‍යම 03.00 දක්වාත්, අද පෙරවරු 08.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වාත්, පස්වරු 04.00 සිට රාත්‍රී 10.00 දක්වා විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

    A B C D E F P Q R හා S කලාප සඳහා අද අලු‍යම 03.00 සිට පෙරවරු 06.00 දක්වාත්, මධ්‍යාහ්න 12.00 සිට පස්වරු 04.00 දක්වාත්, පස්වරු 06.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වාත් පැය 13 ක කාලයක් විදුලි විසන්ධි කෙරෙනවා.

    M N O X Y හා Z යන කලාප සඳහා අද දිනයේ විදුලිය කප්පාදු කෙරෙන්නේ, අලු‍යම 05.30 සිට පෙරවරු 09.00 දක්වාත් පස්වරු 04.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේයි.

    පෙරවරු 06.00 සිට පෙරවරු 09.30 දක්වා කාලයේ කොළඹ නගරයට විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

    මේ අතර, දීර්ඝ වේලාවක් විදුලිය විසන්ධි වීම සහ විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අන්තර්ජාල සේවා සැපයුම් සඳහා බාධා එල්ල වී ඇති බව දුරකතන සේවා සපයන ආයතන පවසනවා. එමෙන්ම විනිමය අර්බුදය හේතුවෙන් ක්‍රීඩා නාලිකා කිහිපයක සම්ප්‍රේෂණ කටයුතු ද අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.

    වෙළඳපොලේ මේ දිනවල ඉටිපන්දම්වල දැඩි හිඟයක් පවතින බව වාර්තා වනවා. වෙළඳපොල වාර්තා පෙන්වා දෙන්නේ විදුලිය කප්පාදු කිරීම හමුවේ ඉල්ලුම ඉහළ යෑම නිසා මෙම ඉටිපන්දම් හිඟය නිර්මාණය වී ඇති බවයි. එසේම, පවතින ඉටිපන්දම්වල මිල ගණන්ද මේ වනවිට සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

    Latest News