ලංකා කම්කරු කොංග්‍රසයේ ඉල්ලීම පරිදි උඩරට විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සැලසුම් කිරීම, රුපියල් දහසක දෛනික වතු කම්කරු වැටුප සහ ගුරු සහායක පත්වීම් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමාන්, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේෂ්වරන් යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.