හිටපු අගමැතිගේ - ආරක්ෂාව ප්‍රමාණවත්

ඔක් 29, 2018

    හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ප්‍රමාණවත් ආරක්ෂක භටයින් සංඛ්‍යාවක් අනුයුක්ත කර ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් සිදුකර, අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට අනුයුක්ත කර ඇති බවයි, ගුණසේකර මහතා කියා සිටියේ.

    පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අද උදෑසන සිට මෙම පියවර ගත් බව, ගුණසේකර මහතා පවසයි. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 1008 දෙනෙකු යොදවා තිබුණි.

    Latest News