ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

අප්‍රේ 09, 2022

    මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (08) පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවතියි.

    මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය , අප්කට් , සාමිමලේ යන ප්‍රදේශවලට මෙලෙස වර්ෂාව ඇද හැලෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

    මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම මේ වන විට එම ජලාශයේ වේල්ලේ අඩි 120 සිට අඩි 48 දක්වා පහළ බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.

    මේ අතර කාසල්රි ජල පෝෂක ප්‍රදේශ වන හැටන් , නොර්වුඩ් , බගවන්තලාව යන ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවතියි.

    පවතින වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ යළිත් සක්‍රිය වි ඇති බවද හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් පවසයි. 

    3 1

    2

    Last modified on සෙනසුරාදා, 09 අප්‍රේල් 2022 08:27

    Latest News