අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය රු.මිලියන 6708කට අධිකයි

අප්‍රේ 13, 2022

    ශ්‍රී ලංකා දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,708 කට අධික බව නාවික හමුදාව පවසයි.

    පැකට් 300 අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 330 ග්‍රෑම් 532 පමණ ප්‍රමාණය රුපියල් මිලියන 6610කට අධික වටිනාකමකින් යුත් අතර පැකට් 10 ක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 818 පමණ තොගය රුපියල් මිලියන 98කට අධික වටිනාකමකින් යුක්ත බවයි, නාවික හමුදාව පවසන්නේ.

    මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගැනිණ. මෙහෙයුම සිදුකර ඇත්තේ, නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය සමග එක්වයි.

    11

    13

    7

    Latest News