ජාතික හෙද විශ්වවිද්‍යාලය ඇරඹීමට කැබිනට් පත්‍රිකාවක් යොමුකරන ලෙස අගමැතිගෙන් උපදෙස්.

අප්‍රේ 20, 2022

    ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම පිළිබඳව ඒකාබද්ධ කැබිනට් ප්‍රත්‍රිකාවක් යොමුකරන ලෙස අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයන් හි අමාත්‍යවරුන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද උපදෙස් දුන්නා.

    ඒ, පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. හෙද අධ්‍යාපනය සඳහා ජත්‍යන්තර මට්ටමේ පිලිගත් උපාධියක් ලබාදීම කාලෝචිත ක්‍රියාවක් බව, අග්‍රාමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නා. දැනට දිවයින පුරා හෙද විදුහල් 17ක් මගින් හෙද හෙදියන් සෞඛ්‍ය සේවාවට එක්වන අතර, සේවා අවශ්‍යතාව සහ දැනට ක්‍රියාත්මක හෙද අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම පිළිබඳව මේ සාකච්ඡාවේදී අවධානය යොමුකෙරුණා.

    දේශීය සහ විදේශීය වශයෙන් හෙද සේවාවේ ඇති ඉල්ලුමට සරිලන ගුණාත්මක හා ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් හෙද උපාධියක් පිරිණැමීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධව නිලධාරින් විසින් අග්‍රාමාත්‍යතුමා දැනුවත් කරනු ලැබුවා. ජාතික හෙද විශ්වවිදයාලය පිහිටුවීමේ අවශ්‍යතාව පෙන්වාදුන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙහිදී කියා සිටියේ, සිය සංගමය 1991 වසරේ සිට මේ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බවයි. රමේශ් පතිරණ, මහාචාර්ය චන්න ජයසුමන යන අමාත්‍යවරු සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

    Latest News