පසුගිය දිනවල පිට පළාත් වෙළෙඳුන්ගේ පැමිණීම අඩුවක් දක්නට ලැබුනු බවයි, ඔහු සදහන් කරන්නේ.
මේ දිනවල පිට පළාත් වෙළෙදුන්ගේ පැමිණීම ද ඉහළ ගොස් තිබේ. විශාල ලෙස එළවළු අස්වනු තොග කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවතියි. වෙළෙදුන් මෙන්ම ගොවීන්ගේ පැමිණීම ද වර්ධනයක් ඇති බවයි, ප්‍රේමසිරි මහතා පවසන්නේ.
ගෝවා කිලෝවක තොග මිල සදහන් වන්නේ රුපියල් 30-40ත් අතරයි. ලීක්ස් කිලෝවක් රුපියල් 60-70 අතර පවතින අතර නෝකෝල් කිලෝවක තොග මිල වන්නේ රුපියල් 70-80 අතරයි.
තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 80-90 අතර වෙයි. කැරට් කිලෝවක් රුපියල් 80-110 අතර පවතියි. බටු කිලෝවක් රුපියල් 160 - 170 අතර ද අර්තාපල් රුපියල් 180-200 අතර ද මාළු මිරිස් කිලෝවක් රුපියල් 300-320 අතර තොගය මිලක් යටතේ පවතියි.