දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සැමරේ

මැයි 01, 2022

    හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 29 වැනි ගුණ සමරුව අලුත්කඩේ එම පිළිරුව අභියසදී අද පැවැත්වුණා.

    1993 මැයි පළමුවැනි දා කම්කරු දින පෙළපාලියට සහභාගි වෙමින් සිටියදී ආමර්වීදිය ප්‍ර දේශයේදී කොටි ත්‍රස්තවාදියෙකු එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් රණසිංහ ප්‍රේමදාස මහතා ජිවිතක්‍ෂයට පත්වුණා. දිවංගත ප්‍රේමදාස මහතාගේ ගුණ සමරු උත්සවය අද පැවැත්වුණේ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනතා නියෝජිතයින්, පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News