දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ලබන සතියේ

මාර් 07, 2019

    දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු මේ මස 14 වන දින ආරම්භ කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසා සිටියි.

    පසුගිය කාලයේ සිදුවූ බරපතල දූෂණ වංචා විභාග සිදු කිරිම සඳහා විශේෂ ත්‍රිපුද්ගල  මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරනු ලැබීය.

    ඒ අනුව එහි පළමු මහාධිකරණයේ කටයුතු මේ වන විට ආරමේභ කර ඇත. දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඬුල්ල ලෙස රත්නප්‍රිය ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂි මහේන්ද්‍රන් පත් කිරීමට අගවිනිසුරුවරයා පසුගියදා පියවර ගනු ලැබුවේය.

    ඒ අනුව දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ කටයුතු ලබන 14 වන දින සිට ආරම්භ කිරිමට නියමිත අතර එහිදී පසුගිය කාලයේ සිදු වූ බරපතල මූල්‍ය දුෂණ වංචා විභාග කිරීමට නියමිතව ඇත.

    Latest News