ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමත්

මාර් 07, 2019

    ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගනිමින් ජංගම දුරකථන ඔස්සේ සම්බන්ධ වී හෙරොයින් පැකට් බෙදාහරිමින් සිටි පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 23ක් ඇතුළත් විවිධ ප්‍රමාණයේ පැකට් 48ක් සමඟ බදුල්ල පිංඅරාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ බදුල්ල දිස්ත්‍රික් විෂමත්ද්‍රව්‍ය වැටලීම් පොලිස් ඒකකය විසින් ඊයේ (6)රාත්‍රී 8.30ට පමණ.

    අවුරුදු 35ක් වයසැති සැකකරු ඇඹිලිපිටියේ පදිංචිකරුවෙක් බවත් වැලිමඩ නතර වී සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් විමර්ශනන වලදී අනාවරණය වී තිබේ .

    මීට පෙර මෙම සැකකරුගෙන් ඊෂි කෑෂ්ක්‍රමයට හෙරොයින් මිලදී ගත් තරුණයන් 9දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙහෙයුමක් සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඌව දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2019 14:34

    Latest News