කතෝලිකයන්ට සුවිශේෂ දිනයක් වූ අළු බදාදා දිනය

මාර් 07, 2019

    කතෝලිකයන්ට සුවිශේෂ දිනයක් වූ අළු බදාදා දිනය ඊයේ(06) ට යෙදී තිබිණ. "දූවිල්ලෙන් සැදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේ ය" යන දේව ප්‍රකාශය සිහිපත් කිරීම අළු බදාදා දිනයේ මූලික ම විශේෂත්වයයි.

    කිතුනු විශ්වාසයට අනුව ලොව මැව් දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ පොලොවේ ඇති පස් (දූවිල්ල)වලට ජීවන හුස්ම හෙලීමෙන් යැයි සඳහන් වේ. එසේ නිර්මාණය කළ මනුෂ්‍යා නැවතත් මේ මහපොලවේ පස් බවට පත්වීම කියන සදාතනික ධර්මතාව සිහි කරන්නේ මේ සුවිශේෂී දිනයේයි.

    මෙම දිනයට ශ්‍රී ලංකාවේ සෑම දේවස්ථානයකම දේව මෙහෙයක් (දිව්‍ය පූජාවක් ) පවත්වා ගොක් කොල පුලුස්සන ලද අළු ආශිර්වාද කර ඒවා සංඛේතාත්මකව තම නලලේ ආලේප කර ගැනීම සිදුකරනු ලැබේ.

    ලංකාවේ මෙන්ම ලෝක වාසි ක්‍රිස්තු භක්තිකයනුත් එක වගේම මේ දිනය සමරනු ලැබේ.

    එමෙන්ම කිතුනු බැතිමතුන් චතාරික කාලය එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේ ජුදා හේවායන්ට හසු වීමේ සිට කුරුස ගසේ උකුත් වීම දක්වා සිද්ධි දාමය සිහි කරන කාලය පටන් ගැනීම සිදු වන්නේත් මේ අළු බදාදා දිනයට පසුවයි. කිතුනු දහම ලොවට ප්‍රකාශ කළ ආගමික නායකයාගේ දුක්ප්‍රාප්තිය සිහි කරන බැවින් කිතුනු බැතිමතුන් මේ කාල සීමාව හදුන්වන්නේ දුක්ප්‍රාප්ති කාලය ලෙසයි.

    මේ කාල සීමාව තුල මස් මාංශ අනුභවයෙන්, නිරාහාර ශීලය රැකීමෙන්, විනෝද ගමන් බිමන් යෑමෙන් ඈත් වී දහමට සිත යොමු කිරීමට කිතුනු බැතිමතුන් වග බලා ගනී. මේ කාල සීමාව අවසන් වන්නේ ජේසුස් වහන්සේ මරණින් නැවත නැගිටින එහෙමත් නැත්නම් මරණින් උත්ථාන වන පාස්කු ඉරිදා දිනයෙන් පසුවයි.

    කිතුනු ඇදහිලිවලට අනුව දම් පැහැය මනස්ථාපනයේ පාට වශයෙන් සලකන නිසා මේ කාල සිමාවේදී දේවස්ථාන භාර පියතුමන්ලා දම් පැහැයෙන් යුතු වස්ත්‍ර වලින් සැරසී පූජා පැවැත් වීම සිදු කරයි

    Last modified on බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2019 10:31

    Latest News