කසිප්පු රැගෙන යද්දී තිදෙනෙක් අත්අඩංගුවට

මාර් 07, 2019

    කසිප්පු බූලි 7 ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගැනීමට බදුල්ල දිස්ත්‍රික් විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ පොලිස් නිලධාරින් අද (07) සමත්ව තිබේ.

    අලුයම හාලිඇල කැටවල හන්දියේදි සැකකරුවන් තිදෙනෙක් සමග අත්අඩංගුවට ගත් මෙම කසිප්පු තොගය බො‍තල් 196 ක ප්‍රමාණයකින් යුක්ත බව පොලිසිය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් 37, 38 සහ 28 යන වයස් කාණ්වල පසුවන හාලිඇල සහ රොසට්වත්තේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදි මෙම කසිප්පු නිපදවු ස්ථානය වන ලෙජර්වත්ත නමැති තේවත්තේ මීරියබැද්ද කොටසේ ජලඋල්පත සහිත ස්ථානයක් වැටලූ පොලිසිය එහි තිබී කසිප්පු පෙරිමට උපයෝගි කරගන්නා උපකරණ වතුර බට හා බැරල් සොයාගෙන තිබේ. මෙහි නිපදවන කසිප්පු ඌව වතුකරයේ තේවතු කීපයකට බෙදාහරින බවටද සැකකරුවන් හෙළිකළ බව පොලිසිය සදහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2019 13:34

    Latest News