සමූහ මිනීවලේ;කාබන් පරීක්ෂාව අධිකරණයට

මාර් 07, 2019

    මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගත් අස්ථි කොටස් පිළිබඳ කාබන් පරීක්ෂණ වාර්තාවේ මුල් පිටපත අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් ‍කෙරේ.

    මල සිරුරුවල අස්ථි කොටස් කාබන් පරීක්ෂණ සඳහා අමෙරිකාව වෙත යැවුණු අතර, එම වාර්තාවේ පිටපතක් පසුගිය දිනක අධිකරණයට ඉදිරිපත් කෙරිණ. මෙම අස්ථි කොටස් කුමන කාලයකට අයත්දැයි සෙවීම පරීක්ෂණයේ අරමුණයි.

    ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීමේ දී අදාළ අස්ථි කොටස් හමුවූ අතර, මේ වන විට ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී. සමූහ මිනීවලේ;කාබන් පරීක්ෂාවේ මුල් පිටපත අධිකරණයට

    Last modified on බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2019 14:22

    Latest News