තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක් අද (07) මෙසේ බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල්ගත කළ බවයි, බගවන්තලාව පොලිසිය පැවසුවේ. තුවාල ලැබූ වතු කම්කරුවන් 09 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත්කර තිබෙනවා.
බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතු යායේ "මෝරා" කොටසේ පිහිටි ගසක බැඳ තිබු බඹර කුඩු කිහිපයකින් එක් කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා ඇවිස්සුණු බඹරුන් තේ වත්තේ වැඩ කරමින් සිටි තමන්ට පහර දි තුවාල සිදු කල බවයි, බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ මෙහෙයවයි.