ආගමන-විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

මැයි 17, 2022

    විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා අද (17) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව එම සේවාවන් ලබා ගැනීමට කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම පැමිණීම අනිවාර්ය බවයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

    දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය හෝ 070-7101060 යන දුරකථන අංකය භාවිතා කරන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. දින සහ වේලාවක් වෙන් කර ගැනීමට පහතින් පිවිසිය හැකියි.

    https://bit.ly/37OKQux

     

    Last modified on අඟහරුවාදා, 17 මැයි 2022 17:03

    Latest News