ඒ, කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවසේදී. රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ජොන්ස්ටන් ප්රනාන්දු මහතා මුදා හැරුණා. ඇප සඳහා ඉදිරිපත් වන්නන් තම පදිංචිය තහවුරු කිරීම සඳහා ග්රාම නිලධාරිවරයාගේ සහතිකය ඉදිරිපත් කළ යුතු බවට ද මහේස්ත්රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.
ජොන්ස්ටන් ප්රනාන්දු මහතාගේ විදෙස් ගමන් තහනම් කෙරුණු අතර, ගමන් බලපත්රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද දැනුම් දුන්නා. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්රකාශයක් ලබාදීමට නියෝග කළ මහේස්ත්රාත්වරයා එම දෙපාර්තමේන්තුව දන්වා සිටින ඕනෑම අවස්ථාවක එහි පෙනී සිටින ලෙස ද නියෝග කළා.