සුඛෝපභෝගී මෝටර් රථ 5ක්, රේගු බාරයට

ජූනි 23, 2022

    අමතර කොටස් මුවාවෙන්, මෙරටට රැගෙන ආ සුඛෝපභෝගී මෝටර් රථ 5ක්, අද රේගු බාරයට ගනු ලැබුවා.

    ඒ. ඔරුගොඩවත්ත රේගු අංගනයේදී. මේවායේ වටිනාකම රුපියල් කෝටි 15කට අධික බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට සති කිහිපයකට පෙරයි, එක්සත් රාජධානියේ සිට අදාළ බහාලුම් දෙක මෙරටට ගෙන්වා ඇත්තේ. මේ පිළිබඳ ඇති වූ සැකයක් මත, රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් අධික්‍ෂණ අංශය අද එම බහාලුම් විවෘත කර තිබෙනවා.

    එක් බහාලුමක තිබී මර්සිඩීස් බෙන්ස් රථයක්, අවුඩ් වර්ගයේ රථයක් සහ පියෙට් වර්ගයේ රථයක් හමුවුණා. අනෙක් බහාලුමේ තිබී BMW වර්ගයේ මෝටර් රථ දෙකක් හමු වූ බවයි, ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ...

    Latest News